Loading...

ඉන්දු බංගලි වාර්ගික ගැටුම නිසා ලෝක කුසලානයේ දී ලංකාවට ලොකු චාන්ස් එකක් ලැබෙන ලකුණු

ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පවතින වාර්ගික මතභේද හේතුවෙන් එළැඹෙන ලෝක කුසලානයේ ඉන්දියාවේ දී පැවැත්වෙන තරඟවලට සහභාගී වීමට අකමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් ලෝක කුසලානයේ ක්‍රීඩා කරන සියලු තරඟ ලංකාවේ පවත්වන ලෙස මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය සම්බන්ධව ක්‍රිකට් ලෝලීන්ගේ අතර දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම තීරණයෙන් පසු එම කණ්ඩායමට ආදේශ කරන ක්‍රීඩකයා සම්බන්ධව මෙතෙක් තීන්දු කර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *