Loading...

,

බක්මහේ දී දියවන්නාවේ පෙරළියක්?

පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මඟින් මැතිසබය විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉරිදා ජාතික පුවතක තොරතුරු වාර්තා කරනවා.

අදාළ වාර්තාවට අනුව සිංහල අවුරුද්දෙන් පසු මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධව පාර්ශව දෙකේම ජ්‍යෙෂ්ඨයන් අතර අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඊට කැමැත්ත පළකර තිබෙන මන්ත්‍රීන් සංඛ්‍යාව ලැයිස්තුගත කොට ගණනය කිරීමට ද එකඟත්වය ඇති කරගෙන ඇතැයි ද සඳහන්.

කෙසේ නමුත් පාර්ශව දෙකේම ජ්‍යෙෂ්ඨයන් අතර ඇතිවූ මෙම සාකච්ඡාවේදී මතුවූ කරුණු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර අවසාන එකඟතාවයක් ලබා ගැනීමට ද තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පළමුව පැවැත්විය යුත්තේ ජනපතිවරණය වුවත් මන්ත්‍රීන් අවශ්‍ය නම් යෝජනා සම්මතයකින් මැතිසබය විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *