ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇති බව වාර්තා වනවා.
අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව කියා සිටියේ සිය X ගිණුමේ සටහනක් තබමින්.
මේ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ හිමි වූ තෙවන වාරිකය මෙය වනවා.
ඒ සමඟ ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සහ සුදුසු වෙනස් කිරීම් කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවයි.
Leave a Reply