පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟ පැවැත්වීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංශෝධනය කර තිබෙනවා.
නව සංශෝධනය අනුව පාකිස්ථානය අවසන් පූර්ව වටයට පැමිණියහොත් එම තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාකිස්ථානය නොමැතිව ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් එහිදී ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දීය කණ්ඩායම නොවන්නේ නම් එම අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකාවේ දී පවත්වන බවයි.
තවද ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අවසන් පූර්ව තරඟයට සුදුසුකම් නොලබනවා නම් අවසන් පූර්ව තරඟ දෙකම ඉන්දියාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.








Leave a Reply