Loading...

,

හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

පසුගිය වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට සුදානම් කර තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

මේ අනුව හැකි ඉක්මණින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය කොමිසමට නියම කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තුළින් ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති තීන්දුවක් ලබා දෙන මෙන් සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆ්රල් ආයතනය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආයතනය විසින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *