මෙරට මැතිවරණ පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගැටළුවක් නොමැති බව පවසා තිබෙනවා.
එම අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දුත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කරන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගරු කරන බවයි.
ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන ඇගයීම සහ ආටිකල් iv උපදේශනයට අදාළව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද (14) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසුවා.
ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පවත්වනවා නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර නැවත කාල රාමුවක් සකස් කර ගැනීම සිදු වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
Leave a Reply