2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයේ සියළු තරඟ ඊයේ (19) රාත්‍රියෙන් අවසන් වුණා.
තරඟාවලියේ දී 70 වන තරඟය Guwahati හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟය කිසිඳු පන්දුවාරයක් ක්‍රියාත්මක නොකරම අතහැර දැමීමට සිදුවුයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන්.
කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණා.
මේ අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රබාද්, රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් 2024 IPL තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතර 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අවසන් පුර්ව වටය හෙට (21) අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් තරඟ වැදීමට නියමිතයි.
අවසන් වටයේ දෙවන තරඟය හෙවත් Eliminator තරඟය ලබන 22 වනදා පැවැත්වෙන අතර රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් තරඟ වැදීමට නියමිතව තිබෙනවා.
පළමු අවසන් පුර්ව ජය ගන්නා කණ්ඩායම ලබන 26 වනදා පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගනු ලබනවා.
එම තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායම අවසන් වටයේ තෙවන තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ අවසන් වටයේ දෙවන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිවයි.
Qualifier 2 තරඟය ලබන 24 වනදා චෙන්නායි හිදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරඟය ද එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
Leave a Reply