ඉන්දු පාකිස්තානය අතර යුද උණුසුම හේතුවෙන් අතරමැද නවතා දැමු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නැවත මැයි මස 17 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අනුව තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩාංගණ 6කදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පළමු තරඟය ලෙස මැයි 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන බවයි.
තවද තරඟාවලියේ පළමු Qualifier තරඟය ලබන 29 වනදා ද Eliminator තරඟය ලබන 30 වනදා ද දෙවන Qualifier තරඟය ජූනි 1 වනදා ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරඟාවලියේ අවසන් මහා තරඟය ජූනි 3 වනදා පැවැත්වීමටයි තරඟ සංවිධායකයන් තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් Qualifier Eliminator සහ අවසන් මහා තරඟවල තරඅග පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් මේ දක්වා නිවේදනය කර නොමැත.








Leave a Reply