කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇති බවට පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.
අදාළ නිලධාරියා ඒ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද වාර්තා වනවා.
ඔහු මේ වසර අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව බව සඳහන්.
එම නිලධාරියා පිළිබඳව ඇති චෝදනා සනාථ වී ඇති හෙයින් ඒ සම්බන්ධව විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔහුට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා කරන්නේ ඔහුට කල් තියා විශ්‍රාම යාමට ඉඩ ලබා දීමට නම් කථානායකවරයාගේ ඒ පිළිබඳව තීරණයක් ගත යුතු බවයි.
එම අංශයට නිලධාරීනියන් බඳවා ගැනීමේදී සහ නිලධාරියන්ට උසස් වීම් පිරිනැමීමේ දී ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට පැවසෙන සිද්ධීන් පිළිබඳව ලිඛිතව සාක්ෂි රැසක් ඉදිරිපත් වීමෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රධානීන් එම නිලධාරියා සම්බන්ධව පසුගියදා විමර්ශන ආරම්භ කළා.
අදාළ නිලධාරියා මෙවැනිම චෝදනාවක් පිළිබඳව මෙම නිලධාරියා කාලයකට පෙර වැඩ තහනමට පවා ලක්ව සිටි අයෙක් ලෙසද සැලකෙනවා.
Leave a Reply