ඔබේ මොළය ඔබට කොපමණ වටිනවද? ඔබ මේ ගැන මීට කලින් කල්පනා කරලා තියෙනවා ද?
ඉතින් මේ කියන්න යන්නේ Harvard විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් පිරිසක් සහ Google ආයතනයේ කෘතිම බුද්ධිය පිළිබඳව විශේෂඥ පිරිසක් කරපු නවතම පරීක්ෂණයක් ගැන.
මේ පරීක්ෂණය කරලා තියෙන්නේ මනුෂ්‍ය මොළය ගැන. මේ සඳහා ඔවුන් මනුෂ්‍ය මොළයේ ගණ මිලිමීටර් එකක (1mm3) ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවා.Epilepsy රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවකගේ ශල්‍යකර්මයක් අතරතුරදී ලබාගත් මොළයේ කොටසක් තමයි මේ සඳහා භාවිත කරලා තියෙන්නේ.
ඒ වගේම Neuro mapping පිළිබඳව දැනට සිදු කරලා තිබෙන වඩාත් සංකීර්ණතම පරීක්ෂණය තමයි මේ.ඉතින් අපි දැන් බලමු මේ පරීක්ෂණයෙන් සොයාගත් දේවල් මොනවද කියලා.
මෙම ගණ මිලිමීටර් එකක කොටස පමණක් ස්කෑන් කොට ගබඩා කරන්න ඔවුන්ට පෙටාබයිට් 1.4ක් (PB – petabytes) වැය වෙලා තියෙනවා.පොඩි අදහසක් ගමු 1PB ක් කියන්නේ කොපමණ ප්‍රමාණයක් ද යන්න ගැන. දැනට පරිගණක වල භාවිතා වන TB (ටෙරා බයිට්) 1024ක් තමයි PB එකක් වෙන්නේ. දළ වශයෙන් Laptop පරිගණක 1000ක්.
ඒත් අමතක කරන්න එපා මේ සම්පූර්ණ මොලේය ම නෙවෙයි. ඉතා කුඩාම කොටසක් පමණයි.
ඔවුන් පවසන ආකාරයට සම්පූර්ණ මොළයම ස්කෑන් කරලා ගබඩා කරන්න වැය වන දත්ත ප්‍රමාණය Zettabyte (ZB) 1.6ක් පමණ වෙනවා. Zettabyte කියන්නේ කොපමණක්ද කියලා ඔබ කල්පනා කරනු ඇති. Petabytes (PB) 1024 ක් Exabyte (EB) එකක්.ඒ වගේ EB 1024ක් තමයි මේ කියන ZB එකක් වෙන්නේ. ඉතිං ඔබට හිතන්න පුළුවන්ද ඔබේ මොළය කොයිතරම් සංකීර්ණ යන්ත්‍රයක්ද කියලා.
ඔවුන් තවදුරටත් පවසන ආකාරයට දැනට පවතින දියුණුම තාක්ෂණයෙන් පවා සම්පූර්ණ මොළයම ස්කෑන් කරලා ගබඩා කරන්න, එම දත්ත ගබඩාව සඳහා හෙක්ටයාර 57ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එය තවදුරටත් පැහැදිලි කර ගන්නවනම් පාපන්දු ක්‍රීඩාංගන 79ක භූමි ප්‍රමාණයක්.
ඒ වගේම දළ වශයෙන් එක GB එකක් ගබඩා කරන්න ඩොලර් සත 3 ක් ($0.03) වැයවේ යැයි උපකල්පනය කළොත් ඒ සඳහා යන මුළු වියදම දළ වශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 50 පමණ වෙනවා.
ඒ වගේම ඔවුන් සොයාගෙන තිබෙනවා එක් නියුරෝනයක් සම්බන්ධතා පන්දහසකට (5000) වැඩි ප්‍රමාණයක් සාදන බව.මෙම පරීක්ෂණයට සම්බන්ධ වුණු Harvard විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Jeff Lichtman පවසන ආකාරයට “අපිට තවමත් තේරුම්ගත නොහැකි දත්ත බොහොමයක් මෙහි තියනවා, ඒ ගොඩක් දේවල් පොතපතේ නැති දේවල්, ඉතින් අපි දැනට දන්න දේ සහ අපි දැනගත යුතු දේ අතර ලොකු පරතරයක් තියෙනවා.“
අවසාන වශයන්, ඔබ ළඟත් තියෙන පාපන්දු ක්‍රීඩාංගන 79ක් තරම් විශාල,ඩොලර් බිලියන 50ක වටිනාකමක් ඇති දත්ත ගබඩාවක් තරමේ මිනිස් මොළයන් උපරිම ප්‍රයෝජන ගන්නවාද යන්න නැවත සිතා බලන්න යැයි ඔබට යෝජනා කරනවා.
වැඩිදුර කියවීම් සදහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න.
https://www.nature.com/articles/d41586-024-01387-9
https://news.harvard.edu/gazette/story/2024/05/the-brain-as-weve-never-seen-it/
Leave a Reply