එළැඹෙන අයවැයේ දී උපයන විට ගෙවන බදු අඩු කිරීමේ යෝජනාව ඇතුළත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත්කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බවයි.
අදාළ යෝජනාව අනුව එක් එක් ආදායම් තල තුළින් දැනට අය කෙරෙන උපයන විට බදු අඩු වන්නේ මෙලෙසයි.
මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙනු ඇති.
මාසිකව රුපියල් 300,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙනු ඇති.
තවද මාසිකව රුපියල් 450,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 76,000ක බද්ද රුපියල් 12,500කින් රු. 63,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව මාසිකව රුපියල් 600,000ක ආදායමක් ලබන පුද්ගලයෙක් මාසිකව ගෙවනු ලබන රුපියල් 120,000ක බද්ද රුපියල් 12,500කින් රු. 107,500ක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න. වෘත්තිකයින්ටයි, පෞද්ගලික අංශයේ සේවකයින්ටයි සහනයක් ලබාදෙන්න. ඒ සඳහා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිගන්න අද කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා. එම ගැලපුම් ඇතුළත් කරලා අයවැය ලේඛනය හදනවා. “
Leave a Reply