Loading...

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන යහපත් විශ්වාසයකින් ඉන්නවා – මුදල් රාජ්‍ය අමාත්‍ය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයකට පැමිණම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා තවදුරටත් යහපත් විශ්වාසයකින් එක්වන බවයි.

එහිදී සියල්ලන්ටම සාධාරණ ලෙස කටයුතු කිරීමට සහ එවැනි සාකච්ඡාවලදී බලාපොරොත්තු වන උපරිම විනිවිදභාවය ඇති කිරීමට ද ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ (16) මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම සාකච්ඡා එකඟතාවයකින් තොර වූ බවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ යෝජනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි සාකච්ඡා සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *