ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.
ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්වල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60000කින් අද (16) දින වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා.
මේ අනුව අද (16) දින උදෑසන කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රුපියල් 10000කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 360800කි.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දින මිල ගණන් දැක්වුණේ රුපියල් 305300ක් ලෙසයි.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දින රුපියල් 330000ක් ලෙස පැවැති “කැරට් 24” රන් පවුමක මිල අද වන විට රුපියල් 390000ක් ඉහළ ගොස් ඇති බවයි.








Leave a Reply