මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වනවා.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් සඳහන් කර ඇත්තේ තමා ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පවත්වන බවයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කළේ සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු එම සතියේම මැතිසබය විසුරුවා හැරියහොත් දින 66ක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි.
මේ අනුව ජනාධිපතිවරණ හමාර වූ පසු මැතිසබය විසුරුවා හැරියහොත් නොවැම්බර් මස අවසන් සතියේ මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩක් ඇති බවද එම කොමිසමේ සභා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
Leave a Reply