ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තුරු කිසිඳු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් එම වැඩසටහන සඳහා ප්‍රමුඛතාව ලබාදිය දිය යුතු බවයි.
කැබිනට් මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ජුලි මස අගවන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිඳු මැතිවරණයක් නොපවත්වන බවද ඔහු මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.
ජනාධිපතිවරයා මෙම හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මුල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව බවත් එයින් ජනාධිපතිවරණය පැවැත්වීම IMF වැඩසටහනට බාධාවක් නොවන බවත්ය.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පළමුව ජනාධිපතිවරණයට සුදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණය කොමිසමේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි.
Leave a Reply