Loading...

ලංකාවේ ක්‍රිකට් ප්‍රභලයින් සිව්දෙනෙක්ට IPL මඟ හැරෙනු ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා සිටි දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, වනිඳු හසරංග සහ ඩිල්ෂාන් මදුසංක යන ක්‍රීඩකයින් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරඟාවලි කිහිපයකදී අබාධයන්ට ලක්වුණා.

අදාළ ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන් මේ වන විට පුර්ණ වශයෙන් සුව වී නොමැති වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සහභාගී වීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඔවුන් IPL තරඟාවලියට සහභාගී වුවහොත් එම ක්‍රීඩකයන්හට ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නොහැකි වේ යැයි ඇති සැකය මත ක්‍රිකට් ආයතනය මෙම පියවර ගැනීමට නියමිත බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *