ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ හා පිටිගල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැල් අසලදී ඊයේ (11) රාත්‍රී 08.35ට පමණ වෙඩි තැබීම සිදුව තිබුණා.
පොලීසිය කියා සිටියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබු බවයි.
වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේ දීම මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
හලඹ උදේශ් මධුරංග නොහොත් ‘පොඩි මැන්ඩිස්’ හා දඩල්ලගේ සිතුම් අංජන නොහොත් ‘සුදූ’ නැමැති පුද්ගලයෙක් මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
මේ අතර පිටිගල ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී ඊයේ (11) රාත්‍රීයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩිකරුවන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply