Loading...

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මේ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඒ මහතාව ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ චෝදනාවක් පිළිබඳව රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය වන 28 වනදා දින අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අනුව අදාළ රෝහල වෙත පැමිණි මහර මහේස්ත්‍රාත්වරයා සැකකරු ඊයේ (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමර්ශන ආරම්භ කළා.

එහිදී අනාවරණය වුණේ එම පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *