Loading...

හිටපු ජනාධිපති රනිල් බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.

ඊයේ රාත්‍රී (22) 10ට පමණ ලබාදුන් අධිකරණ නියෝගයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

ඉන් අනතුරුව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරික්ෂා කර ඇති අතර ඔහුගේ රුධිර පීඩනය සහ රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *