Loading...

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර වෛද්‍යවරුන් සිදුකළ නිර්දේශයකට අනුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මෙහිදී වෛද්‍යවරුන් සිදුකළ පරික්ෂා කිරීම්වලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලබන 26 වනදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ රුධිර ඉහළ යෑම සහ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමට ද නිර්දේශය කර තිබුණා.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *