Loading...

හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගත යුතුයි – කාවින්ද ජයවර්ධන

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවයි.

“මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *