Loading...

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යන ලකුණු?

පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවැත්වුණු සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධව එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඒ මහතා කියා සිටින්නේ ඉතිරි එකඟතා සම්බන්ධව නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ පැවැත්වෙනු ඇති බවයි.

අදාළ සාකච්ඡාවල දී කරුණු 4න් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට හැකි වුවත් ඉතිරි කරුණු දෙක සම්බන්ධව අවසන් එකඟතාවයට පැමිණීම සම්බන්ධව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවද ඔහු සඳහන් කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“මාර්තු මාසය අගදී ලන්ඩන්වල දී බැඳුම්කර හිමියන් හමුවුණා. ඒ හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා. අපිට උපදේශකයින් දෙගොල්ලක් ඉන්නවා.

ලසාඩ් – මූල්‍ය උපදේශකයින්, ක්ලිෆර්ඩ් චාන්ස් – නීති උපදේශකයින්. මේ සාකච්ඡා සීමා වූ ඒවා. ඒවායේ රහස්‍යභාවය තබා ගැනීමට සියලු පාර්ශව එකඟ වී සිටියා.

ඒ සාකච්ඡාවලට යන විට බැඳුම්කර හිමියන් අපිට යෝජනා කිහිපයක් දීලා තිබ්බා. ඒවාට අපි ප්‍රති-යෝජනා දීලා තිබ්බා.

ඒගොල්ලෝ මාර්තුවල නැවත යෝජනා වගයක් දුන්නා. ඒ වෙලාවේ අපි මාර්තු අග සාකච්ඡාවලට යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දීලා තිබ්බා අපි දීපු යෝජනා මූල්‍ය අරමුදලට අනුකූලයි. බැඳුම්කර හිමියන්ගේ යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල නැහැ කියලා.

අපි ඒ සාකච්ඡාවල දී අපිට ගැටළු සහගත කාරණා 4ක් ඉදිරිපත් කළා. අපි කියන කාරණා සහ ඒගොල්ලෝ කියන කාරණා සම්බන්ධව.

එතනදී කාරණ දෙකක් සම්බන්ධයෙන් අපි සහ බැඳුම්කර හිමියන් අතර එකඟතාවයක් ඇති වුණා. නමුත් කාරණා දෙකක දී අපිට එකඟතාවයකට එන්න බැරිවුණා.“


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *