රුසියාවේ සහ උතුරු කොරියාවේ පවතින රාජ්ය මාධ්ය ජාලයන්ට සමානව, අමෙරිකානු ඉතිහාසයේ ප්රථම වතාවට වත්මන් ජනාධිපතිවරයාගේ නමින් පවත්වාගෙන යනු ලබන නිල රාජ්ය මාධ්ය නාලිකාව වන “Trump TV” විකාශනය ආරම්භ කිරීමට ට්රම්ප් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්රකාශ පැය 24 පුරා සජීවීව විකාශය කෙරෙන මෙම ස්ට්රීමිං (Streaming) නාලිකාව හරහා, ට්රම්ප් පාලනාධිකාරියෙන් සෘජුවම ලබාදෙන වඩාත්ම වැදගත් පුවත් පමණක් ජනතාව වෙත සමීප කරන බවයි ධවල මන්දිරය ප්රකාශ කරන්නේ.
CNN, MS NOW සහ Politico යන ප්රමුඛ මාධ්ය ආයතන තුන ධවල මන්දිර පරිශ්රයට ඇතුළු වීම තහනම් කර දින තුනකට පසුව ට්රම්ප් පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
එමෙන්ම අදාළ මාධ්ය තහනමට විරෝධය පළ කරමින් අමෙරිකාවේ ප්රධාන රූපවාහිනී නාලිකා පහක (Five-network TV pool) මාධ්යවේදීන් එකමුතුවී ජනාධිපති ට්රම්ප්ගේ දෛනික පුවත් ආවරණය කිරීමෙන් ඉවත් වීමට, එනම් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.






Leave a Reply