Loading...

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව ඉදිරි දිනක යම් ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටී නම් අදාල අංශ සමඟ සාකච්ඡා කර දිනය සංශෝධනය කරගන්නා ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ඒ මහතා සඳහන් කළේ මේ දක්වා පවතින තත්ත්වය හේතුවෙන් ලාංකිකයන්ට බලපෑමක් වූ බවට තොරතුරු වාර්තා නොවූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *