Loading...

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය යළිත් ලබන මස සිට

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත ලබන මස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60000කට ආසන්න ප්‍රමාණයක් එමඟින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවද සභාපතිවරයා සඳහන් කරනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහාතා වැඩිදුරටත් පැවසුවේ මේ අනුව නැවත මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේ දී එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමඟින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *