ලොව ප්‍රීතිමත් රටවල් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වරටත් ෆින්ලන්තයට හිමි වුණා.
රටවල් 140කට අධික ගණනක් වෙසෙන පුද්ගලයින්ගේ ප්‍රතිචාර භාවිත කරමින් සකස් කර ඇති අදාළ වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව ඩෙන්මාර්කයට දෙවන ස්ථානය ද අයිස්ලන්තය තුන්වන ස්ථානය ද හිමිව ඇති බව සඳහන්.
අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. වසර 10කට පසු ප්‍රථම වරට අමෙරිකාවේ සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවීම ද විශේෂත්වයක්.
කෙසේ නමුත් කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වන බව ලෝක සතුටු වාර්තාව පෙන්වා දෙනවා. රටවල් 143ක් යොදා ගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ඝනිස්ථානයයි.
මෙම වාර්තාවේ දී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128 වන ස්ථානය හිමිව තිබෙනවා.








Leave a Reply