මෙවර යල කන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ පළමු වී තොගය රජය මඟින් මිලට ගැනීමේ කටයුතු ඊයේ (13) සවස වී අලෙවි මණ්ඩලයේ මනම්පිටියේ පිහිටි වී ගබඩාවේ දී සිදුවුණා.
වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව කළමනාකරු නිමල් ඒකනායක මහතා පැවසුවේ රජයේ වියළි බර සැලකිල්ලට ගනිමින් වී කිලෝවක් රුපියල් 120 බැගින් වී කිලෝ 4000කට ආසන්න ප්‍රමාණයක් වී මිලට ගත් බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12 දැනට විවෘත තබා ඇති අතර මනම්පිටිය සහ අඹගස්වැව ගබඩා දෙක සඳහා වී කිලෝ 10000කට ආසන්න ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා 12ක් පසුගිය ජුලි 15 වනදා සිට විවෘත කළ ද 13 වනදා දක්වාම ගොවීහු රජයේ ගබඩා වෙත වී ලබා දීමට ඉදිරිපත්ව තිබුණේ නැහැ.
වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාරවරයා පෙන්වා දෙන්නේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම් කටයුතු මේ වෙන විට 50%ක් අවසන්ව ඇති බවත් පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී ලබා ගැනීම හේතුවෙන් රජයේ සහතික මිල වන රුපියල් 120 ට නාඩු වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් වෙමින් සිටින බවත්ය.








Leave a Reply