Loading...

ව්‍යාජ වෛද්‍යවරුන් – ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන සොයා විශේෂ විමර්ශනයක්

ශ්‍රී ලංකාව තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි හේතුවෙන්.

මේ අනුව වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ව්‍යාජ වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය මධ්‍යස්ථාන සිදු කරගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *