Loading...

,

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් බිඳ වැටීමෙන් Meta සමාගමේ කොටස් මිලත් බසී

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ බිඳ වැටීම හේතුවෙන් එහි මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක අදායමක් අහිමිවී ඇති බව වාර්තා වනවා.

ඊයේ (05) රාත්‍රී ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය එකවර අක්‍රිය වීමක් සිදු වුණා.

ලොව පළමු වරට සමාජ මාධ්‍ය තුනක් එකම අවස්ථාවක අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

මෙම බිඳ වැටීම හේතුවෙන් Meta සමාගමේ කොටස් මිලද 1.5%කින් පහත වැටීමක් සිදුව තිබෙනවා.

තාක්ෂණික දෝෂයක් වීමෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි Meta සමාගම ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පැය කිහිපයක් යන විට මෙම බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට Meta සමාගමේ තාක්ෂණික අංශය කටයුතු කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *