Loading...

බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?

 ධිවර කාර්මිකයින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනිම සදහා  විවිධ පන්න  ක්‍රම භාවිතා කරති. දැල්  ආම්පන්න,වැල් ආම්පන්න, සහ  වෙනත් ආම්පන්න වශයෙන් මෙම පන්න ක්‍රම  හැදින්වෙන අතර  මෙරට ධිවර කර්මාන්තය සදහා බහුලවම  යොදාගනු ලබන්නේ  කරමල් දැල්ය.   මෙරට ඈත දියඹේ  හා ජාත්‍යන්තර් මුහුදේ මත්ස්‍යයින් ඇල්ලිම  සිදුකරණු ලබන්නේ බහුදින යාත්‍රා මගිනි. බහුදින යාත්‍රා  යොදාගෙන ධිවර කර්මාන්තයේ නිරත ධිවර කාර්මිකයින් මත්ස්‍යයින් අල්ලා ගැනිම සදහා කදන් කෝස්, ලෝන් ලයින්  (මරුවැල් පන්නය) කරමල් දැල්, අත්යොත් පන්න භාවිතා කරති කදන් කෝස්, හා මරුවැල් පන්නය ,. දකුණු පළාතේ බහුදින යාත්‍රා හිමියන් අතර  ඉතා ප්‍රචලිත පන්න ක්‍රමයකි.පුත්තලම, හලාවත යන  ප්‍ර දේශවල  බහුදින යාත්‍රා හිමියන් වැඩි වශයෙන් මසුන් ඇල්ලිම සදහා  යොදාගනු ලබන්නේ මරුවල් පන්නය හෙවත් ලෝන් ලයින් පන්න ක්‍රමයයි. විශේෂයෙන් කෙලවල්ලා මසුන් අල්ලා ගැනිම සදහා බහුදින යාත්‍රා හිමියන් යොදාගනු ලබන්නේ ලොන් ලයින් පන්න ක්‍රමයයි.

 කෙසේ වුවද මේ වනවිට ධිවර හා ජලජ සම්පත් දේපාර්තමේන්තුව මගින් සකස්කොට ඇති නව ධිවර පනත් කෙටුම්පත තුල  බහුදින යාත්‍ර මගින් මසුන් ඇල්ලිමේ දි ධිවර කාර්මිකයින්  එක් පන්න ක්‍රමයක් පමණක්  භාවිතා කළයුතු බවට අලුත් නිතියක් පනවා ඇති බව  බහුදින යාත්‍රා හිමියන් පවසති. මෙම නිතිය ක්‍රියාත්මක විමෙන් පසු මෙරට බහුදින ධිවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට  සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ  බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේය. දැනට බහුදින යාත්‍රා මගින් මසුන් ඇල්ලිමේ දි  යාත්‍රා ගමන් කරණ ප්‍රදේශවල මත්ස්‍යයින් ගැවසෙන ආකාරය අනුව එම යාත්‍රාවල ධිවර කාර්මිකයින්   කෝස් දැල්, ලොන් ලයින් දැල්, ,කරමල් දැල් භාවිතා කරමින්  මත්ස්‍ය අස්වැන්න නෙලාගනු ලබති.

 මේ වනවිට  බහුදින යාත්‍රා මගින් මසුන් ඇල්ලිමට යාමේ දි මාතර දිස්ත්‍රික් ධිවර කාර්යාලය මගින්   බලපත්‍ර නිකුත් කරණු ලබන්නේ එක්  පන්න ක්‍රමයක් සදහා  පමණක් බැව් බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය  පවසයි. මෙම නිතියත් සමග  බහුදින යාත්‍රාව ගමන් කරණ මාර්ගයේ දි එක් පන්න ක්‍රමය මගින්  මසුන් අල්ලා ගැනිමට නොහැකිවුවහොත් බහුදින යාත්‍රා හිමියන්  ආර්ථික වශයෙන් ගැටළු රැසකට ලක්වන බවද  එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය  පෙන්වාදෙන ආකාරයට  ඉන්ධන මිල  හා අයිස් මිල සහ දැල් ආම්පන්න මිල අධික ලෙස  ඉහලයාම තුල බහුදින යාත්‍රා හිමියන්  මේ වනවිට ගැටළු රැසකට ලක්ව සිටිති. බහුදින යාත්‍රා මගින් මසුන් ඇල්ලිමේ දි  එක් මුහුදු ගමනක් සදහා රුපියල් ලක්ෂ 30,40ක මුදලක් වැයවේ.එවන් පසුබිමක් තුල  එක් පන්න ක්‍රමයක්  මගින් මසුන් ඇල්ලිමේ දි  අවශ්‍ය මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනිමට නොහැකිවුවහොත් ධිවරයින් ගැටළු රැසකට ලක්වනු ඇත.

 ධිවර  අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව  මෙරට ඇති බහුදින යාත්‍රා සංඛ්‍යාව 5,088කි. බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය  පෙන්වාදෙන ආකාරයට ඉන්ධන මිල, අයිස් මිල විශාල වශයෙන් ඉහලයාම, යාත්‍රා නඩත්තුව සදහා විශාල මුදලක් වැයවිම, නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්නට සාධාරණ මිලක් නොමැතිවිම ආදි ගැටළු නිසා බහුදින යාත්‍රා  දෙදහසකට  ආසන්න ප්‍රමාණයක්  මේ වනවිට ධිවර කර්මාන්තයේ නිරත නොවන බවය. එවන් පසුබිමක් තුල අලුතින්  නිති පැනවිම තුලින්  බහුදින ධිවර කාර්මිකයින් අන්ත අසරණ තත්ත්වයට පත්වනු ඇති බවද  ඔවුහු පෙන්වා දෙති.

සමස්ත ලංකා පොදුධිවර සම්මේලනයේ   බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක අජිත් නිශාන්ත මහතා  මේ සම්බන්දව කිවේ  මෙවැනි කථාවකි.

” බහුදින යාත්‍රා මගින් මසුන් ඇල්ලිමේ දි  එක් පන්න ක්‍රමයක්  සදහා  බලපත්‍ර ලබාදෙන බවට   අලුත් නිතියක් ගෙනවිත් තියෙනවා. මාතර දිස්ත්‍රික්කය තුල   මෙක ක්‍රියාත්මක වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය තුල  තාවකාලිකව නතර වෙලා තියෙනවා.  ධිවර දේපාර්තමේන්තුව අලුතින් නිතිරිති දමලා ධිවරයින් හිරකිරිමට කටයුතු කරණවා.  මත්ස්‍යයින් සොයාගෙන ගිහින් තමයි මාළු අල්ලන්න ඕන. එවැනි අවස්ථාවලදි  මාළු ඇල්ලිමට පන්න ක්‍රම එකක් හෝ දෙකක් යොදාගන්න වෙනවා.  බහුදින යාත්‍රාමගින් මසුන් ඇල්ලිමේ දි එක් පන්න ක්‍රමයක් පමණක් භාවිතා කරන්න බැහැ.කදන් කොස් බලපත්‍රය තියෙන  බහුදින යාත්‍රා හිමියන්ට ලෝන් ලයින් බලපත්‍රය ගන්න බැහැ.

 ලොන් ලයින් දැල් ක්‍රමය මගින්  කෙලවල්ලා මසුන් අල්ලාගෙන ආවොත්  එම මාළු යුරෝපිය සංගමයට   අලෙවි කරන්න බැහැ. මෙරට ධිවර වරායන් තුල අඩු මිලකට තමයි අලෙවි කරන්න වෙන්නේ. මාළු අස්වැන්න නෙලාගෙන තියෙන්නේ කුමන් පන්න ක්‍රම යෙන්ද කියලා ඉතා පහසුවෙන් හදුනා ගන්න පුළුවන් . උදාහරණයක් වශයෙන් ගතහොත්  ලෝන් ලයින් දැල් මගින් මාළු ඇල්ලුවිට කෙලවල්ලාගේ බිලි කටුව වැදුණු තැන තියෙනවා. ලෝකයේ රටවල් 32ක් පමණ ධිවර කර්මාන්තයේ නිරත වෙලා ඉන්නවා. ධිවර අමාත්‍යංශයෙන් කියන්නේ ජාත්‍යන්තර් මුහුදේ   මසුන් ඇල්ලිම සදහා  වැඩිම බලපත්‍ර ලබාදිලා  තියෙන්නේ ලංකාවලු ඉන්දුනිසියාව, තායිලන්තය වගේ රටවල් ජාත්‍යන්තර් මුහුදු තිරයේ මසුන් අල්ලන්නේ  නෞකා  මගින්  අපේ රටේ බහුදින යාත්‍රා 300කින් විතර අල්ලන මාළු ඒ අය එක නෞකාවකින් අල්ලාගන්නවා. නෞකා මගින් මසුන් ඇල්ලිම නිසා එම රටවලට බලපත්‍ර වැඩිපුර ලබාදෙන්න  අවශ්‍ය නැහැ.ජාත්‍යන්තර් මුහුදේ මසුන් ඇල්ලිමට ලබාදෙන බලපත්‍ර සංඛ්‍යාව වැඩිනම් කරන්න තියෙන්නේ  බහුදින යාත්‍රා නිෂ්පාදනය කිරිම අඩුකරන්න.දකින පන්න ක්‍රමය කරන්න අවසර ලබාදිය යුතුයි.කාගේ අවශ්‍යතාවයට  මෙවැනි  නිති දමන්න හදනවාද කියලා අපි දන්නේ නැහැ.

තායිලන්තය ඉන්දුනිසියාව වගේ රටවල්  අපේ මුහුදු සිමාවට ආසන්නයේ  බෝයාවන් දමලා මත්ස්‍යයින් සදහා වැට බැදලා තියෙන්නේ. ධිවරයින් හිරකරලා ජාත්‍යන්තර් නිති ක්‍රියාවට නැංවිමට තමයි මේ කටයුතු කරන්නේ.  රජය විසින් ධිවර පනත් කෙටුම්පත් ක්‍රියාවට නගමින් සිටිනවා. ධිවර සංගම් සමග මේ පිළිබද සාකච්ඡාකරන්න කියලා අපි ධිවර අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

 ඒවිතරක් නෙවෙයි අඩි 40කට වැඩි දිගින් යුත් බහුදින යාත්‍රාවක් වරායක් තුළ නවතා තැබීම වෙනුවෙන් රුපියල් දෙදහස් දෙසීයක මුදලක් මාසිකව ගෙවීමට සිදුව තිබෙනවා., යාත්‍රාවක් වරායක නවතා තිබුණත් යාත්‍රා නියාමන පද්ධතියට වසරකට රුපියල් හැට දහසකට අධික මුදලක් ගෙවීය යුතුයි.  එමෙන්ම යාත්‍රා නියාමන පද්ධතියක් බහුදින යාත්‍රාවකට අලු‍තින් සවිකිරීම සඳහා රුපියල් නව ලක්ෂ තිස් දහසක මුදලක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. අලුතෙන් බහුදින යාත්‍රාවක්  දියඹට දමලා එක් මුහුදු ගමන් වාරයක් සදහා කෝටි තුනහමාරක මුදලක් වැයවෙනවා. මේ වගේ නිති දමලා මේ කර්මාන්තය කරගෙන යන්නේ කොහොමද? අපි ඉල්ලන්නේ  නිති විරෝධි පන්න ක්‍රම ක්‍රියාත්මක කරන්න අවසර දෙන්න කියලා නෙවෙයි. මෙවා කරන්න හදන්නේ  රාජ්‍ය නොවන සංවිධානවල හා ජාත්‍යන්තර් අවශ්‍යතාවයට “ බවද අජිත් නිශාන්ත මහතා සදහන් කළේය.

 සමස්ත ලංකා බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරොන් මෙන්ඩිස් මහතා මෙසේ කිවේය.

“මේ අලුත් පනත් කෙටුම්පත පිළිබද සාකච්ඡා වුනා. ඉස්සර මේ වගේ මසුන් ඇල්ලිම සදහා මෙහෙයුම් බලපත්‍ර ලබා දුන්නේ නැහැ. අඩි 50ට වැඩි  බහුදින යාත්‍රා සදහා ජාත්‍යන්තර් බලපත්‍රය ගන්න රුපියල් 50000ක මුදලක් ගෙවිය යුතු වෙනවා. බලපත්‍ර යේ සදහන් වෙනවා මරුවැල් පන්නය කියලා. හරි  අමාරුවෙන් තමයි මෙම කර්මාන්තය කරගෙන යන්නේ. ඉන්ධන වලට  එක් ගමන් වාරයක්  සදහා රුපියල් ලක්ෂ 25ක මුදලක් යනවා. බහුදින යාත්‍රවල පන්න දෙකක් කිරිම  සදහා ධිවරයින් දැල් ආම්පන්න රැගෙන යනවා.එක් පන්න ක්‍රමයක් නෙවෙයි. පන්න ක්‍රම දෙකක්වත් කිරිම සදහා බලපත්‍ර ලබාදිය යුතුයි. නැතිනම් බහුදින යාත්‍රා හිමියන්ට අසාධාරණයක්  වෙනවා.  එක් පන්න ක්‍රමයට අමතරව තවත් පන්න ක්‍රමයක් සදහා දැල් අරගෙන ගිහින් ජාත්‍යන්තර් මුහුදු තිරයේ දි හසුවුවහොත් නඩු දැමිමටත් පුළුවන් කියලා තමයි කියන්නේ.  මගේ බෝට්ටු තුනක් මේ වනවිටත් මාළු ඇල්ලිමට ගිහින් මුහුදු තියෙන්නේ. මාළු නැතිලු. ලොන් ලයින් පන්න ක්‍රමයෙන් තමයි මාළු  අල්ලන්නේ. මරුදැල් පන්නයට අමතරව බලයා ඇල්ලිමට මෝර දැල් පවා ධිවරයින් රැගෙන යනවා “යැයි ද  ටිරෝන් මෙන්ඩිස් මහතා කිවේය.

ධිවර හා  ජලජ සම්පත් දේපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක  ජනරාල්  එස්.ජේ.කහවත්ත මහතා  මේ පිළිබද කියන්නේ මෙවැනි කථාවකි.

” දැනටත්  රේගුලාසිවල තියෙනවා කරණ පන්න ක්‍රමය   පිළිබද තොරතුරු ඇතුලත් කරන්න කියලා.  එක් පන්න ක්‍රමයකින් තමයි මාළු අල්ලන්න පුළුවන්. ලෝකයේ කොයි රටේ ද  දකින දකින පන්න ක්‍රම මගින් මාළු අල්ලන්න පුළුවන් .එහෙම ක්‍රමයක් තියෙනවානම් මට කියන්න. හිතෙන හිතෙන පන්න ක්‍රම භාවිතා කරණ අය තමයි මේකට විරුද්ධව කෑගහන්නේ.  බහුදින යාත්‍රා හිමියන් දෙතුන් දෙනෙක් තමයි මේකට විරෝධය  දක්වන්නේ. මෙහෙයුම් බලපත්‍ර දෙන්නේ එක් පන්න ක්‍රමයක් සදහා පමණයි. මේ නිතිය  කලින්ද තිබුනා. තිබු නිතිය ක්‍රියාත්මක කිරිම තමයි කරලා තියෙන්නේ. මෙහෙයුම් බලපත්‍රයක් නැතිව කාටවත් මසුන් අල්ලන්න බැහැ. ධිවර අධ්‍යක්ෂක ජනරාල් තමයි බලපත්‍ර කොපමණ සංඛ්‍යාවක් දෙනවාද නැද්ද කියලා තිරණය කරන්නේ .කදන් කෝස්  සදහා ඉදිරියේ දි බලපත්‍ර ලබාදෙන්නේ නැහැ ”

සටහන – ලලිත් චාමින්ද


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *