Loading...

ඇහැලියගොඩ දී වාහන පෙළක් ගැටෙයි

ඇහැලියගොඩ නගරයේ දී රියදුරාගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (15) රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *