2024 අප්‍රේල් මස පළමුවන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මිලියන 1.2 පමණ වන වැඩිවියට පත් පාසල් සිසුවියන් අතරින් ආර්ථික අපහසුතා ඇති යැයි හඳුනාගත් පාසල් වල ලක්ෂ අටක් පමණ ශිෂ්‍යාවන් සඳහා නොමිලයේ සනීපාරක්ෂක තුවා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කැබිනට් තීරණ දැනුම් දීමේදී සඳහන් විය.

අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට “තොරතුරු දැනගැනීමේ පනත” හරහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් තොරතුරු ඉල්ලා සිටින ලදී.


මෙම ව්‍යාපෘතිය මගින් එය ක්‍රියාත්මක කාලය තුළ එක් පාසල් සිසුවියක් හට රුපියල් 1200 වටිනා තිළිණ පතක් ලබාදෙන අතර එමගින් එක් වරකට රුපියල් 600ක් වටිනවා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාව පවතී. එමෙන්ම මෙම ව්‍යාපෘතිය 2024 ජුනි මාසේ සිට ආරම්භ වී ඇති අතර 2024 දෙසැම්බර් මාසය දක්වා පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත. ඒ අනුව රජයේ පාසල් 10126 අතරින් 5782ක් තෝරාගෙන ඇති අතර එමඟින් සිසුවියන් 762,636 ක් මේ සඳහා සුදුසුකම් ලබා ඇත.
මේ සඳහා දැනට රුපියල් බිලියනයක මුදලක් වෙන්කර ඇති බවත්, ඒ සඳහා මුදල් සපයා ගත්තේ 2024 වර්ෂය සඳහා “පාසල් පාවහන් ලබාදීමට” වෙන්කරන ලද රුපියල් බිලියන 2.5 න් රුපියල් බිලියනයක් ලබාගැනීමෙන් බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.




මෙම ව්‍යාපෘතිය ඉතා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් වන හෙයින් මේ පිළිබඳ ඔබට ඇති අත්දැකීම SLVLOG අපත් සමඟ බෙදාගන්න… info@slvlog.lk
Leave a Reply