මෙරට තේ කර්මාන්තය සදහා කම්කරුවන් පැමිණ වසර 200 ක් වන බව දේශපාලඥයන්,වෘත්තීය සමිති උත්සවාකාරයෙන් සැමරුවත් කම්කරු ප්‍රජාව ඉතා අන්ත දුක්ඛිත ජීවිකාවක් ගෙවමින් සිටී .
තේ කර්මාන්තය ආරම්භ වී වසර දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ.එම කාලයේ මෙහි පැමිණි වතු කම්කරුන්ගේ පරම්පරාව අතරින් බහුතරය තව දුරටත් වාසය කරනුයේ ඔවුන් වෙනුවෙන් ඉදිකරනු ලැබු වසර සියයකටත් වඩා පැරණි ලැයින් කාමර තුලය.ඒවා අතරින් බොහෝහයක් ගරා වැටි තිබේ .ඇතැම් එවා ගිනිබත් විය .එනමුත් මෙම පිරිස් තව දුරටත් ලැයින් කාමර ,තහඩු මඩු වල ඉතා දුක්කිත ජීවිතයක් ගත කරමින් සිටිති.
විවිධ ආධාර මත නිවාස ඉදිකර ලබා දෙන බව නිතර අසන්නට ලැබුනත් උඩරට කදුකරයේ ඉදිකිරිම් ආරම්භ කල තේ වතු බොහෝමයක නිවාස ඉදිකිරිම් බිම් සකස් කිරිම් වලට ,කොන්ක්ට් කණු හෝ බිත්ති වලට පමණක් මෙන්ම වැඩ අවසන් කල නිවාස ලෙසින් තිබේ .ඒවා ජනතාවට ලබා නොදි සිටිමද ගැටලුවකි.
හිරු එළියට වේලෙන වැස්සට තෙමෙන මෙම ඉදිකිරිම් දිනෙන් දින පරිහානයට පත්වෙමින් තිබේ.
ඒ තත්ත්වය හමුවේ නිවාස ගරා වැටුන , නායයමේ වලට ලක් වී හා ගිනිබත් වීම නිසා අසරණ වූ ජනතාව තව දුරටත් තහඩු මඩු වල පවුල් පිටින් වාසය කරමින් සිටි . සිය දරු පවුල් සමග සීතල පින්න , වැස්ස හා අව්ව හමුවේ තවදුරටත් අසරණ ලෙස ජීවත් වන කදුකරයේ ජනතාව වෙනුවෙන් බලධාරීන් පළමුව ඉටුකල යුත්තේ හිසට සෙවනක් ලබා දීම බව ඔවුහු පවසති .
වතු මානව සංවර්ධන අධිභාරය විසින් මෙම නිවාස වල ඉදිකිරිම් කටයුතු භාරව කටයුතු කරමින් සිටි . ඉහත තත්ත්වය පිළිබදව එහි අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කලද පවතින ආයතනික නිති හමුවේ මාධ්‍යට ප්‍රකාශ ලබා සිය නොහැකි බව හෙතෙම පැවසීය.
මේ ඒ පිලිබදව වතුකර ජනතාවගේ අදහස් ඇතුළත්ව සැකසුණු සටහනකි …
Leave a Reply