වහලය මත සවි කළ සූර්ය පැනල හෙට (31) දිනයේ පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සමාගම සඳහන් කරන්නේ අඩු විදුලි ඉල්ලුම නිසා, විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි.
මේ අතර ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (30) සවස යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
එම සමාගම පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම අද (30) සවස වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට සිදු වුණා.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙලෙස විසන්ධි කිරීමට හේතුවිය.







Leave a Reply