Loading...

ඊයේ කරපු විදියට අදත් කරන්න – NSO සූර්ය පැනල පද්ධති හිමිකරුවන්ගෙන් ඉල්ලයි

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වළක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද උදෑසන 8 සිට සවස 3 දක්වා වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටිනවා.

පද්ධතියේ ස්ථායීතාවය රැකගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස එම සමාගම මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (30) දිනයේ පැය කිහිපයක් සඳහා විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවුණා.

මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.

වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කළ කාල සීමාවට වඩා සීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මඟින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඊයේ (30) ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය වූ තිබුණා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (30) දිනයේ ද පස්වරු 3 දක්වා වහල මත සූර්ය පැනල සවිකර ඇති හිමිකරුවන්ට එම සූර්ය පැනල ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ නමුත් ඊයේ (30) පස්වරු 2.15ට පමණ වන විට විදුලිය විසන්ධි කළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *