Loading...

ගලට මුල් ඇල්ලූ අනුරාධපුර රෝහල

අනුරාධපුර රෝහල කියූ සැනින් අප කාටත් මෙන්ම ජාත්‍යන්තරයට පවාද සිහියට එන්නේ ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක කුරිරු යුද්ධයේදී උතුරු බිමේදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ දිවයිනේ විවිධ පලාත්හි පදිංචි රණවිරුවන්ගේ මෙන්ම අහිංසක ගම්වාසීන්ගේද ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලද ඉතා කීර්තිමත් රෝහලක් වශයෙනි. එලෙස කීර්තිමත් අතීතයක් ලද අනුරාධපුර රෝහල වර්ථමානය වන විට ශික්ෂණ රෝහලක් වශයෙන් පරිවර්තනය වුවද රෝහලේ දෛනික කටයුතු මෙන්ම ඇතම් සංවර්ධන කටයුතු පිළිබඳව ගවේෂණයෙහි යෙදුනු කල උතුරුමැදට මෙන්ම සමස්ත සෞඛ්‍ය අංශයන් වෙතටම එමගින් කලු පැල්මක් එක්ව ඇති බව පෙනී යයි.

මේ දිනවල අනුරධපුර ශික්ෂණ රෝහල වෙනුවෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි කිහිපයක් අතරමග නැවතීම හේතුවෙන් රුපියල් කෝටි ගනනක් වූ මහජන මුදල් නාස්ති වී යමින් පවතින බවට රජරට ජනතාව පෙන්වා දෙති. ශික්ෂණ රෝහල ඉදිරිපිට රුපියල් මිලියන 650 ක වියදමින් ඉදිකිරීමට යෝජනා වී තිබූ රෝහලේ හදීසි ආපදා ඒකකය වර්ථමානය වන විටද සමරු ඵලකයට පමණක් සීමා වී තිබීම. ඒසේම ජපන් රජයේ අධාර යටතේ ජයිකා පදනම මගින් උතුරු මැද මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගෙන් හදවත් රෝගීන් සඳහා ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සංකීරණයද මේ වන විට සමරු ඵලකයට පමණක් සීමා වීම. හෙද හෙදියන් සඳහා ඉදිකෙරුණු සිව් මහල් ගොඩනැගිල්ලද ඉදිකිරීම් අතහැර දමා යාම. රුපියල් 256,522,104.13 ක මුදලකින් පිළිකා රෝගීන් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලේද පළමු මහල පමණක් ඉදිකොට සියලු ඉදිකිරීම් කටයුතු නවතා කොන්ත්‍රාත් කරුවන් අතුරුදහන් වීම වැනි රුපියල් කෝටි ගණනින් වූ මහජන මුදල් විනාශයක පෙර නිමිති මේ වන විටත් දර්ශනය වී අවසන්ය.

මෙම ව්‍යාපෘතීන් ආරම්භ වී ඇත්තේ 2016 වසරේදී වීමද විශේෂත්වයකි. එතැන් සිට කෙන්ත්‍රාත් කරුවන් විවිධ හේතූන් මත ඉදිකිරීම් සිදුකර ඇත්තේද ඉබි ගමනෙනි. ඇතැම් විට කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් වීම කෙරෙහි ගැටලු ඇති වූවේද එසේත් නැතිනම් පැවති දේශපාලනික හෝ පරිපාලමය හේතූන් මත හෝ අවසානයේදී මේ ඉදිකිරීම් සියල්ලක් මේ වන විට වල්වදිමින් තිබෙන බවනම් නොරහසකි.

මේ පිළිබඳව අනුරධපුර ශික්ෂණ රෝහලේ නිදහස් සේවක සංගමයේ ජාතික සංවිධායක ඒස්. විජේසිංහ මහතා මධ්‍යට පවසා සිටින්නේ මෙවැන්නකි.

“අනුරාධපුර රෝහලේ අවට ඉදිවුනු ගොඩනැගිලි ‌කිහිපයක් වලවදිමින් තිබෙන්නේ ඒවා ඉදිකරපු කොන්ත්‍රාත් කරුවන්ට වෙච්ච දෙයක් නැහැ අපරාද සල්ලියක් මේ මුදල්වලට අවසානෙට වගකියන්න වෙන්නෙති අසරණ අපිටම තමයි. මේ රෝහලට මේ පලාතෙන් වගේම පිටපලාත්වලිනුත් රෝගීන් දහස් ගණණක් පැමිණෙනවා නමුත් මේ රෝගීන්ට ඉන්න වෙලා තියෙන්නේ අගුපිල්වල කිසිම පහසුකමක් නැහැ. වගකිවයුත්තෙක් නැහැ. මේ ඉදිකිරීම් ගැන විධිමත්ව සොයා බලා වහාම ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගත් යුතුමයි”

මේ පිළිබඳව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා මාධ්‍යට පෙන්වා දී ඇත්තේ, අදාල ගොඩනැගිලි ඉදිකිරීම් නැවතීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසිය යුතු බවටය.

එමගින් අනාවරනය වන්නේ මෙම ‌ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නැවතීම දේශපාලනික කොන්ත්‍රාත්තු ආරවුලක් බවටය. දේශපලඥයින් එදා උජාරුවට පැමිණ බොහෝ බලාපෙරොත්තු දී සමරු ඵලකයන් විවෘත කලද මෙතෙක් එහි සිටින්නේ සතුන් පමණකි. ඇතැම්  අවස්ථාවන්හීදි මත්පැන් තිප්පොළවල්ද වෙයි. 

ලේ බැංකුව, හදිසි ප්‍රතිකාර ඒකක වෛද්‍ය වාට්ටු සංකීර්ණයක්, වකුගඩු රෝහල, 2010 රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සහිත මහාචාර්ය ඒකකයක්ද ආපදා කළමනාකරණ ප්‍රතිකාර ඒකකය, හදිසි ගිලන් රථ සේවාව, මාතෘ වාට්ටු පල්දෝරු පද්ධතිය නව ශල්‍යගාරයක්, ශීතකරණ පහසුකම් සහිත මෘත ශරීරාගාරයක්, නොමේරූ ළදරුවන් උදෙසා නව පහසුකම් සහිත ළදරු ඒකකයක්, ළමා පාචන වාට්ටුවක්, කාන්තා ශෛල්‍ය වාට්ටුවක්, හමුදා නිලධාරි වාට්ටුවක්, තවත් නව ශෛල්‍යාගාර දෙකක්, දන්ත සායන ගොඩනැඟිල්ලක්, දැඩි සත්කාර ඒකකයක්, නව සූතිකාගාර ගොඩනැඟිල්ලක්, භෞත චිකිත්සක අංශ නව ගොඩනැඟිල්ලක්, මධ්‍යම සැළසුම් ඒකකයක්, විකිරණ අංශ ගොඩනැඟිල්ලක්, බාහිර රෝගී ගොඩනැඟිල්ලක්, ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයක් නව ඖෂධ ගබඩා සංකීර්ණයක් හා අභ්‍යන්තර ඖෂධාලයක්, පිළිකා විකිරණ ප්‍රතිකාර ඒකකයක්, විකලාංග ඒකකයක්, 2002 වසරේ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක්, බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණය,ආදිය මගින් අනුරාධපුර ශික්ෂණ රෝහල සමන්විත වීම සියලුම ජනතවට මහත් වූ අස්වැසිල්ලකි..

හෙක්ටයාර් 18 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති අනුරාධපුර ශික්ෂණ රෝහලට දිනකට බාහිර රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිති. නේවාසික රෝගීන් 325 ක් පමණ දිනකට රෝහල් ප්‍රතිකාර සඳහා ඇතුළු වෙද්දී මෙවැනි මහජන මුදල් කැලෑවැදීමට සිදුවීම කුමන පාර්ශවයක වරදක් ද යන්න සෙවිය යුතුය. ඉදිරියටද මේ පිළිබඳව ගවේශනාත්මකව  සොයා බලා ජනතා මුදල් ආරක්ෂා කිරීමට වග විය යුතුය.

සටහන – රොමේෂ් මදුශංක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *