Loading...

වැසිකිලියක් වෙනුවෙන් සටන් කරන කාන්තාවෝ

තේ පැකට් වල ඔබ දකින හරිත කඳු බෑවුම්වල සාරි ඇඳගත් ප්‍රීතිමත් කාන්තාවන්ගේ එම සුන්දර පින්තූර තරම්ම ඔවුන්ගේ ජිවිත සුන්දර නැති බව කොයි කවුරුත් දන්නා කාරණාවකි. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ වතු කම්කරුවන් ගේ අයිතීන් ගැන කතා කලත් බොහෝ විට  එම යෝජනා සහ පොරොන්දු දේශපාලන අවශ්‍යතා බවට පමණක් පත් වී ඇති අයුරු ඉතිහාසය කියා දෙයි. තේ කම්කරුවන්ගේ ඇතැම් ඉල්ලීම් දිනා දීම සඳහායයි පවසමින් ඔවුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇතැම් ජනතා නියෝජිතයන් පිල් මාරු කළ අවස්ථා දුලභ නොවේ. තමන්ටම කියා ලිපිනයක් ලබා ගන්න වසර 200ක් සටන් කල වතු කම්කරුවන් පිලිබදව තවත් කතාවක් පමණක් නොවිය යුතු හෙළිදරව්වකි මේ.

ලංකාවට විදේශ විනිමය ගෙන එන තේ කර්මාන්තයේ නිරත වන බහුතරයක් දෙනා  රටේ මව්වරුන්ය, සහෝදරියන්ය, දියණියන්ය. අඩු වැටුප් සමඟ, ජීවත් වීමට දෛනික අරගලයකට මුහුණ දෙන අතර  අධ්‍යාපනයට ඇති දුර්වල ප්‍රවේශය සමඟ බහුතරයක් කාන්තාවක් සිටින මේ ක්ෂේත්‍රයේ තමන්ට හිමි විය යුතු සනීපාරක්ෂක වැසිකිලි පහසුකම්වත් නොලැබීම ගැනයි මේ දිගහැරීම . 

වතුකම්කරුවන්ගේ සනීපාරක්ෂක අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රධාන නීතිමය විධිවිධාන වලට ඇතුලත් වන්නේ ;

  1. වතු කම්කරු(ඉන්දියානු)ආඥාපනත (1889) සහ එහි සංශෝධන – මෙම ආඥාපනත මගින් නිවාස , සනීපාරක්ෂාව සහ අනෙකුත් පහසුකම් සදහා වතු හිමියන් විසින් තම නේවාසික සේවකයින්ට සැපයිය යුතු අවම ප්‍රමිතීන් නියම කරයි .
  2. වතු නිවාස රෙගුලාසි (1966) – වතු කම්කරු ආඥාපනත යටතේ නිකුත් කරන ලද මෙම රෙගුලාසි, වතුවල “ලයින් කාමර”(කම්කරුවන්ගේ නිවාස) තුළ සැපයිය යුතු වැසිකිලි , නාන කාමර සහ ජාලපවාහන පද්ධති වැනි සනීපාරක්ෂක පහසුකම් සදහා ප්‍රමිතීන් සදහන් කරයි .
  3. ජාතික පාරිසරික පනත ( 1980) – පරිසර දූෂණය වැලැක්වීම සදහා වතුවල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි ලෙස කලමකරණය කිරීම මෙම පනතට අවශ්‍ය වේ .
  4. වතු කම්කරු පවුල් සදහා නිවාස යෝජනා ක්‍රමය (1984) – වතු කම්කරුවන් සදහා නිවාස ඉදිකිරීමේදී ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට මෙම යෝජනාව යටතේ වතු හිමියන් බැදී සිටී .
  5. වැවිලි සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය (2016) – මෙම ප්‍රතිපත්තිය මගින් වතු අංශයේ සේවකයින්ගේ සනීපාරක්ෂාව ඇතුළු ජීවන තත්වයන් වැඩි දියුණු කිරීම අවධාරණය කෙරේ . 

ඒ අනුව ප්‍රමාණවත් සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ලබා දීමට සහ නඩත්තුවට වතු හිමියන් නීතියෙන් බැදී සිටී . නමුත් මෙම වතු හිමියන් මේ පිලිබදව අවධානය යොමු නොකරන්නේ ඇයිද කියන එක ගැටලුවකි. ලංකාවට පමණක් අවේණික නොවූ ගැටළුවක් වුවත් මෙයට විසදුම් ලබා දීමට Pit latrines, Pour-flush toilets, Mobile toilets, Centralized toilet facilities වැනි වැසිකිලි වර්ග නම් කර තිබේ. මෙය ක්‍රියාත්මක නොකිරීමට වැසිකිලි ඉදිකිරීමට සහ නඩත්තුවට සම්පත් සහ අරමුදල් නොමැතිකම,  දැඩි නීතිමය අවශ්‍යතා හෝ බලාත්මක කිරීමේ යාන්ත්‍රණවල හිඟයක් තිබීම, කම්කරුවන් තාවකාලික පදනම මත සේවයේ දීම නිසා ඔවුන් වෙනුවෙන් වැසිකිලි සැදීම ලාභදායි නොවීම වැනි කාරනා හේතූන් විය හැකි වුවත් වසර 200ක් පුරා මේ තේ වතු මත යැපෙන මේ මිනිස්සුන්ට වැසිකිලියක්නෛ ලබා දීම වෙනුවෙන් කිසිදු නෛතික බලපෑමක් නොමැති පරිසරයක් හමුවේ මිනිසෙකුට හිමි විය යුතු කුඩාම මානව අයිතිවාසිකමේ වැදගත්කම පිළිබඳව වතු හිමියන් හෝ කළමනාකරුවන් අතර දැනුවත්භාවයේ ඌනතාවක් තිබෙන බවයි අපට නම් හැගෙනුයේ . ඒ පිලිබදව තේ දළු සමග පොර බදින කාන්තාවන් අපට පැවසුවේ මෙවැනි කතාවකි . 


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *