සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්රිකට් තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක හැරී බෲක් (Harry Brook) නොදැවී ලකුණු 114ක් රැස්කළ අතර, ජොස් බට්ලර් (Jos Buttler) පන්දු 44කදී ලකුණු 80ක් ලබාගැනීමට සමත් වුණා.
ලකුණු 255ක දැවැන්ත ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් සහ දසුන් ශානක ලකුණු 24ක් රැස්කළ අතර, සසුරුවම් පන්දු යැවීම හමුවේ සූරියන් අසරණ වූ ශ්රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ ජයග්රාහී ඉලක්කය කරා ළඟාවීමට නොහැකි විය.







Leave a Reply