Loading...

විදුලිබිල අඩු කරන යෝජනා දෙන්න තව කල් දෙන්න – විදුලිබල මණ්ඩලය PUSL එකෙන් ඉල්ලයි

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට (17) දින දක්වා කාලය ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ යෝජනා පසුගිය මැයි පළමු වනදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණද, විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත අදාළ කාලය පසුගිය 10 වනදා දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම පියවර ගනු ලැබුවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවයි.

මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් යළි සිහි කැඳවීමක් සිදුකිරීමට කටයුතු කර ඇති බවද සඳහන්.

මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා කල් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරන බවත් විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජුලි මාසයේ දී ප්‍රකාශ කළ හැකි බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *