Loading...

,

පියාගේ හදිසි අභාවය නිසා දුනිත් අද නැවත මව්බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ මොහොතේ දී ඒ මහතා මෙලෙස මියගොස් තිබුණා.

මියයන විට ඔහු 54 වියේ පසු වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පියාගේ අභාවය හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ සමඟ කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ඇෆ්ඝනිස්ථාන තරඟය අතරවාරයේ දී අබුඩාබි හි ක්‍රීඩක විවේකාගාරයට දුනිත්ගේ පියාගේ අභාවය පිළිබඳ දුක්මුසු පුවත ලැබී තිබුණා.

එහිදී කණ්ඩායමේ නිලධාරීන් පළමුව දුනිත්ට ඔහුගේ පවුලේ හදිසි අවස්ථාවක් මතුව ඇති බව පළමුව දැනුම් දුන් අතර මිනිත්තු කිහිපයකට පසු ඔහුගේ පියා මියගිය බව තහවුරු කළා.

කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් එම පුවත ලැබීමෙන් අනතුරුව දුනිත් මොහොතක් කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයට ආපසු ගොස් ඇති අතර පසුව තම ශෝකයට පත් පවුල සමඟ එක්වීමට අද (19) අළුයම ගුවන් යානයකින් කොළඹ කරා පැමිණීමට නියමිතව තිබුණා.

මේ අතර දුනිත් වෙල්ලාලගේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සමඟ ඔහුට ආසියානු කුසලානයේ ඉදිරි තරඟ අහිමි වනු ඇති.

කෙසේ වෙතත් ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට නියමිත ක්‍රීඩකයා සම්බන්ධව මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *