පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් තබන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මීට පෙර අවස්ථාවක ද පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබුණා.
මේ අතර තම පක්ෂය සියළු මැතිවරණය සඳහා වෙනත් කිසිඳු ලකුණකින් තරඟ නොකරන බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් එම පක්ෂයේ මහලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.
සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවයි ඔහු එම පුවත්පතට වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
මේ අතර ලබන ජුනි මස දෙවන සතිය දක්වා කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන ජුනි මස මුල් සතියේ නව විදුලිබල පනත සම්මත කරගත යුතු වීම හේතුවෙන් ඊට පෙර කිසිඳු හේතුවක් මත මැතිසබය නොවිසුරුවන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ලබන 15 වනදා විසුරුවා හැර ආණ්ඩුව හදිසි මහ මැතිවරණයකට යනු ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා මේ පළවෙමින් තිබෙනවා.
Leave a Reply