ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදී පවතින අභියෝග, වත්මන් ගැටලු සහ ඒවාට දිගුකාලීන විසඳුම් ලබාදීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.
එමෙන්ම, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා රජයට ලබාදිය හැකි සහයෝගය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා සහ පරිවර්තන කමිටුව අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා.
මෙම හමුවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයන් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි සහ ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා.






Leave a Reply