ෆෝබ්ස් සඟරාව 09 වන වරට ප්‍රකාශයට පත්කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත්ව තිබෙනවා.
ඒ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට විවිධ ක්ෂේත්‍රය හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනෙක් අතුරින්.
ෆෝබ්ස් සඟරාව අසියා පැසිෆික් කලාපයේ අවධානය යොමු කළ යුතු පුද්ගලයන් එම ලැයිස්තුව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.
කාණ්ඩ 10ක් ඔස්සේ එම ලැයිස්තුවට අදාළ පුද්ගලයන් තෝරාගෙන තිබෙනවා.
2018 වසරේදීම ඇයගේ චිත්‍රපටයක් වන මාලා සිනමාපටය ඔස්සේ ඩිනාරා පුංචිහේවා චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන අතර ඇයට එම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනය වීම සමඟ ගාඩි චිත්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා ද ඇයට අවස්ථාව හිමිවුණා.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වා දීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආයතනයේ නිර්මාතෘවරියද වනවා.
Leave a Reply