රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නිත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
පසුගිය පෙබරවාරි 13 වනදා මේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියමක් නොමැතිව කල් තබනු ලැබුවා.
Leave a Reply