Loading...

ඩයලොග් එයාර්ටෙල් හි සියළු කොටස් මිලදී ගනී

ඩයලොග් ආසියාටා පී. එල්. සී සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් යන සමාගම් ශ්‍රී ලංකාවේ සිදු කරන මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා පෞද්ගලික සමාගම සහ ආසිආටා බර්හාඩ් සමුහය අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගම අතර මෙම ගිවසුම් ගත වීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව අදාළ ගිවිසුමට අනුව ඩයලොග් විසින් එයාර්ටෙල් ලංකා හි නිකුත් කරන ලද 100%ක් වන කොටස් සියල්ලටම හිමිකාරීත්වය දැරීම සිදුවනු ඇති.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ක්‍රියාවලිය මඟින් සේවාවන් තවදුරටත් වැඩි දියුණු කර යටිතල පහසුකම් වැඩිදුරටත් ඉහළ නැංවීමට නියමිතව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *