Loading...

සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති රුවන්ගෙන් පැහැදිළි කිරීමක්

පසුගිය මාස 6ක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඊයේ (04) පැහැදිළි කිරීමක් සිදුකළා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව වාර්තාවට ජුනි මාස අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපැයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව ඩොලර් බිලියන 1.7ක් ලෙස සඳහන්ව ඇති බවයි.

කෙසේ නමුත් ජුලි මසදී දත්ත මීට ඇතුළත්ව නොමැති බවත් ජුලි මස ගත්තා ද එවැනි ආදායමක් ලැබෙනු නොමැති බවත් තමා නොසිතින බවද ඔහු මෙහිදී කියා සිටියා.

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *