Loading...

මනුෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නිත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමඟි ජන බලවේගය ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මේ තීන්දුව ප්‍රකාශයට පත්කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *