Loading...

රේගුවේ සිරවී ඇති BYD විද්‍යුත් වාහන 506ක ගැන ගත් තීන්දුව

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වුණා.

මෙම වාහන ආනයනය කළ සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී මෙම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

පසුගිය නඩු වාරයේ දී හෙළි වුණේ එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100ද කිලෝ වොට් 150 ද යන්න නිගමනය කිඉර්ම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරු දෙදෙනෙක් සහ BYD සමාගමේ ඉංජිනේරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *