Loading...

රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ දුරකථනය ඔස්සේ ඔහුගේ කාර්යාලය වෙත අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දුරකථන ඇමතුම ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මැතිවරණය කටයුතු සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවයි.

එම තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඔහුව ඝාතනය කරන බවද එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *