Loading...

,

දමිතා අබේරත්න සහ සැමියා CID අත්අඩංගුවට

රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් වංචාවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන පසුබිමකයි.

එහිදී අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය,

“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්.

මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”

කොරියානු රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිඝනක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන පසුගියදා ආරම්භ කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ දමිතා සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවයි.

මේ අනුව ඔවුන් අත්අඩංගුවට වළක්වාලන ලෙස ඉල්ලමින් රීට් පෙත්සමක් ද ඉදිරිපත් කළ අතර එයද පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *